Lak News ~ News from Sri Lanka

රාජපක්‍ෂගේ අසූ අට රියන් කටවුට් ගහන්නේ, පෝස්ටර් ගහන්නේ කේපී ගේ සල්ලි වලින් -රනිල්
රාජපක්‍ෂගේ අසූ අට රියන් කටවුට් ගහන්නේ, පෝස්ටර් ගහන්නේ කේපී ගේ සල්ලි වලින් -රනිල්

එල්ටීටීඊ සංවිධානයේ මොළ කාරයා වන කේපී සතුව තිබෙන විදේශ මුදල් සහ සම්පත් ලබාගැනීමෙන් පසු දැනට ආසියාවේ ධනවත්ම පවුල බවට පත්ව සිටින රාජපක්‍ෂ පවුල ලේකයේම ධනවත්ම පවුල බවට පත් වන බවත්, රාජපක්‍ෂ සහෝදර සමාගම ජනාධිපතිවරණය සඳහා වියදම් කරන්නේ මෙසේ සොයාගත් එල්ටීටීඊය සතු විදේශ මුදල් වලින් කොටසක් බවත් විපක්‍ෂ නායකවරයා බරපතල චෝදනාවක් කරයි.

ඔහු මෙසේ කීවේ, පසුගියදා ගිනි තබා විනාශ කෙරුණු රංගේ බණ්ඩාර මහතාගේ දිස්ත‍්‍රික් කාර්යාලය වෙනුවට නව දිස්ත‍්‍රික් කාර්යාලයක් විවෘත කිරීමේ ඊයේ හලාවත පැවැති උත්සවයකදීය.

වැඩිදුරටත් මේ මහා වංචාව ගැන කරුණු හෙළි කළ විපක්‍ෂනායකවරයා,

‘එල්ටීටීඊ සංවිධානය සතුව තිබී සොයා ගත් විදේශ ව්‍යාපාර සහ බැංකු ගිණුම් ආදිය පිළිබඳ තොරතුරු හෙළිකළ යුතුයැයි අප පාර්ලිමේන්තුවේ යෝජනා කළා. යෝජනාව ගන්නවා ද නැද්ද යන්න ගැන පාර්ලිමේන්තු ඡුන්දයක් විමසිය යුතු යැයි ආණ්ඩුව දැන් කියනවා.’

‘ත‍්‍රස්තවාදී හමුදාවක් නාවුක හමුදාවක් සහ ගුවන් හමුදාවක් තිබුණු එල්ටීටීඊ සංවිධානය ලෝකයේ ධනවත්ම ත‍්‍රස්තවාදී සංවිධානය බව කිව යුතුයි. අල්කයිඩා හෝ තලෙයිබාන් ත‍්‍රස්තවාදී සංවිධානයන්ටවත් එබඳු මුදල් සහ සම්පත් සම්භාරයක් නොමැති බව කිව යුතුයි.’

‘එල්ටීටීඊ සංවිධානය අති විශාල පිරිසක් සිය ත‍්‍රස්තවාදී හමුදාවට බඳවා ගත්තේ මුලතිව් හා අලිමංකඩ කඳවුරු අල්ලා ගැනීමේ මෙහෙයුම් දියත් කළේත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ප‍්‍රහාර එල්ල කළේත් වන්නි අවසන් සටනේදී අපේ රණ විරුවන් පන් දහසක් ජීවිතක්‍ෂයට පත් කළේත් කෙසේද?’

‘මේ සියල්ල කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයට නවීන අවි ආයුධ තිබිය යුතුය තිබුණු අතර අවි ආයුධ මිලදී ගැනීම සඳහා මුදල් තිබිය යුතුව තිබුණා. එල්ටීටීඊ සංවිධානයට මේ සියල්ල කිරීමට හැකි වූයේ විදේශයන්හි තිබූ එ් සංවිධානයේ අරමුදල් සහ විදේශ ව්‍යාපාර මගින් ඉපැයූ අති විශාල මුදල් සම්භාරය නිසයි.’

‘එල්ටීටීඊ සංවිධානය සතු මහ පරිමාන ව්‍යාපාර, කඩසාප්පු, ඉන්ධන පිරවුම්හල්, ගොඩනැගිලි, ගබඩා සංකීර්ණ, නැව්, අහස් යානා ලෝකය පුරා රටවල තිබෙන අතර එ් සියල්ල ක‍්‍රියාත්මක වන්නේ එල්ටීටීඊ සංවිධානයේ නම යටතේ නොව විවිධ ආරූඪ නම් යටතේයි.’

‘එල්ටීටීඊ සංවිධානය සතු මේ සියලූම විදේශ ව්‍යාපාර සහ බැංකු ගිණුම් පාලනය කළ මොළය වන්නේ කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන්ගේ මොලයයි. මේ සියලූ ව්‍යාපාර සහ විදේශ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු තිබෙන්නේ කේ.පී. ගේ මොලයේයි.’

‘කෙසේ නමුත් මේ කියන කේ.පී. ආණ්ඩුව අල්ලාගෙන මේ වනවිට තෙමසක් ගතවී තිබෙන බව කිව යුතුයි. එසේ නම් ආණ්ඩුව කළ යුත්තේ කේ.පී. ප‍්‍රශ්න කිරීමෙන් මේ සියලූ තොරතුරු සොයා ගෙන එ් ව්‍යාපාර සහ බැංකු ගිණුම් පිටුපස ගොස් කරුණු සොයා බලා එ් පිළිබඳව එ් එ් රටවල ආණ්ඩු වෙත දැනුම් දීමයි.’

‘කේ.පී. අත්අඩංගුවට ගෙන මාස තුනක් ගත වී තිබෙන අතර ගෝඨාභය රාජපක්‍ෂ සතියකට වතාවක් දෙවතාවක් ඔහු මුණ ගැසෙන නමුත් කිසිදු තොරතුරක් මෙතෙක් රටට හෙළි කර නැහැ.’

‘එල්ටීටීඊ සංවිධානය සතුව තිබී සොයාගෙන තිබෙන විදේශ ව්‍යාපාර සහ විදේශ බැංකු ගිණුම් හි මුදල් රාජපක්‍ෂ සන්තක නොකර ජනතා සන්තක කරනවා නම් ඒ මුදලින් ආණ්ඩුවේ ණය කොටසක් ගෙවා ජනතාව මත පනවා ඇති බදු ද අඩු කළ හැකි වෙනවා.’

‘කෙසේ නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ සියලූ විදේශ මුදල් සහ සම්පත් රාජපක්‍ෂ සහෝදර සමාගමේ අයිතියට පත් කිරීමටයි. පාර්ලිමේන්තුව නියමිත දින ගණනට රැුස් නොකරන්නේ මේ සම්බන්ධයෙන් කතා කිරීම වැළැක්වීම සඳහායි.’

‘මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප‍්‍රකාශයක් කළ නොහැකි නම් සුසිල් පේ‍්‍රම්ජයන්ත හෝ අනුර යාපා යොදවා ඒ පිළිබඳව තොරතුරු හෙළි කරන්නැයි මම කියා සිටිනවා. අනුර යාපා අමාත්‍යවරයා යනු වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මවගේත්, පියාගේත් වත්කම් පිළිබඳ තොරතුරු සොයා ගෙන සිටින පුද්ගලයෙක්. එසේ නම් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සතුව තිබූ වත්කම් සොයා ගැනීමට අනුර යාපා අමාත්‍යවරයාට නොහැකි ඇයි?’

‘එල්ටීටීඊ සංවිධානය සතු විදේශ මුදල් සහ සම්පත් ද ලබාගත්තාට පසුව ආසියාවේ ධනවත්ම පවුල බවට පත්ව සිටින රාජපක්‍ෂ පවුල මුළු ලෝකයේම ධනවත් පවුල බවට පත්වෙනවවා.’

‘රාජපක්‍ෂ සහෝදර සමාගම ජනාධිපතිවරණ සටන දැන් මෙහෙයවන්නේ එල්ටීටීඊ සංවිධානය සතුව තිබී සොයාගත් ඒ සංවිධානයට අයත් විදේශ මුදල් වලින් කොටසකිනුයි. ඒ කියන්නේ මේ අය ජනාධිපතිවරණ ව්‍යාපාරය කි‍්‍රයාත්මක කරන්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ සල්ලි වලින් බවයි. කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සහ ඒ අවට මහ විශාල ප‍්‍රමාණයේ කටවුට් දැම්මේ කේ.පී දුන් මුදල් වලිනුයි. පෝස්ටර් මුද්‍රණය කිරිමට සහ රට පුරා ඒවා ඇලවීමට මේ අයට සල්ලි දී තිබෙන්නේ ද කේ.පී. යි.’

‘පොදු පැතුම’ යන පෝස්ටරය මුද්‍රණය කර රට පුරා අලවා තිබෙන්නේ ද කේ.පී. නොහොත් කුමාරන් පද්මනාදන්ගේ සල්ලි වලිනුයි. ‘පවුලේ පැතුම’ යනුවෙන් ද තවත් පෝස්ටරයක් රට පුරා අලවන්නැයි මම ඉල්ලා සිටිනවා.’

‘ඒ මන්ද ගෝඨාභය රාජපක්‍ෂගේත්, චමල් රාජපක්‍ෂගේත්, බැසිල් රාජපක්‍ෂගේත්, ශෂීන්ද්‍ර රාජපක්‍ෂගේත්, කේ.පී. රාජපක්‍ෂගේත් පැතුම වන්නේ මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපති ධූරයට පත්වීමයි.’

‘එල්ටීටීඊ සංවිධානය සතුව තිබී සොයාගත් සියලූම විදේශ වත්කම් පිළිබඳ තොරතුරු හැකි නම් පාර්ලිමේන්තුවේදී හෙළි කරන ලෙස නැවත නැවතත් මහින්ද රාජපක්‍ෂට මම අභියෝග කරනවා.‘

‘2005 ජනාධිපතිවරණයේදී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට සිය සාක්කුවෙන් මුදල් දුන් මහින්ද රාජපක්‍ෂට 2009 ජනාධිපතිවරණයේදී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සල්ලි ලැබෙනවා.’

‘රටේ සල්ලි සොරකම් කර, රටට අයිති එල්ටීටීඊ සංවිධානයේ සල්ලි ද සොරකම් කළ රාජපක්‍ෂ රාජාණ්ඩුව ගෙදර යැවීම සඳහා අප සියල්ලන් එකතු වී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කරමු.’ යි විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.

ජනාධිපතිවරණයට එනවා.! මම දිනනවා..!
ජනාධිපතිවරණයට එනවා.! මම දිනනවා..!

දේශපාලනය කරනවාද?

ඔව්..!

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද?

ඔව්. විපක්‍ෂයේ සියලූ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල ඉල්ලීම මත මම පොදු අපේක්‍ෂකයාලෙස ඉදිරිපත් වෙනවා.

ඔබ දිනනවාද?

ඔව්.! මම දිනනවා.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා කවුරුන්ද යන්න රටම බලා සිටි ප‍්‍රශ්නයට ඉහත පිළිතුරු දෙමින්, ජනරාල් සරත් ෆොන්සේක මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ අද (29* පැවැති ඔහුගේ ප‍්‍රථම මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.

ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා වන මම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිෙඡ්දයේ 31 වන වගන්තිය ප‍්‍රකාරව 2010 ජනවාරි මස 26 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකාවේ පිළිගත් නීතියට අනුකූලව, ලියාපදිංචි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණක් තුළින් ‘හංසයා’ ලාංඡුනයෙන් ඉදිරිපත් වන බව සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාවට ප‍්‍රකාශ කර සිටින බව ඔහු සිය තීරණය ජාතියට දැනුම් දුන්නේය.

ෆොන්සේකා මහතා මෙසේද කීය.

‘ඔබ ඉතාම මගෙන් පුන පුනා ඉල්ලා සිටි උත්තරය සියළු දෙනා බලා සිටි උත්තරය මේ අවස්ථාවේදී මම ප‍්‍රකාශ කිරීමට කැමතියි. ඔබ දේශපාලනය කරනවාද? ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද? උත්තරය ඔව්. දේශපානලනය කරනවා. පොදු අපේක්‍ෂකයෙක් ලෙස විරුද්ධ පක්‍ෂයේ සිටින සියලූම ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල ඉල්ලීම මත මම ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා.’

‘මං මේ තීරණය ගත්තේ මගේ සුඛ විහරණය ගැන හිතලා නෙවෙයි. මගේ අනාගතය නැත්නම් මගේ සැප පහසුකම් ගැන හිතලා නෙවෙයි. අනිවාර්යයෙන්ම මම මේ තීරණය ගත්තේ අවුරුදු 40 ක රජයේ රාජකාරියක් කිරීමෙන් පසු යුනිෆෝම් එකක් ඇඳලා ඉඳලා ඒ යුනිෆෝම් එක ගලවලා යන්න ඉස්සෙල්ලා අවසාන කාලයේ රජයේ භාර¥ර වැදගත් කාර්යයකින් තොරව, වගකීම් වලින් තොරව නිකං කාලය ගත කිරීමේ තේරුමක් නැති නිසා මං හිතුවා රටට සේවයක් කිරීමට, රටේ අනාගතය තහවුරු කිරීමට රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට මම ඉදිරිපත් විය යුතුයි කියලා.’

‘රටට වෙන විනාශය මට බලා ගෙන ඉන්න බැරුව ගියා. මේ රටට වෙන පරිහානිය රටේ කළ ¥ෂණය, නාස්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවෙන හානිය තර්ජනය මාධ්‍ය නිදහස නැතිව යෑම, මතු පරපුරට හොඳ ආරක්‍ෂිත අනාගතයක් ගොඩනැගීම, සාමය රැුකීම වැනිදේ ප‍්‍රමුඛත්වයට තබාගෙන මං මේ තත්ත්වයට මුහුණදීමට තීරණය කරා.

‘ඔබ සැමට මතක ඇති මම හමුදාපති වශයෙන් සිටින කාලයේ අවුරුදු 4 කට මදක් අඩු කාලයක් ඒ රාජකාරියේ යෙදී සිටියා. මම පොරොන්දු දෙකක් දුන්නා. පළවෙනි පොරොන්දුව මගෙන් පසුව මෙම යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට ඉතිරි කරන්නේ නෑ කියලා. මම ඒ පොරොන්දුව අකුරටම ඉෂ්ට කළා. දෙවෙනි පොරොන්දුව ගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ මම ප‍්‍රකාශයක් කළා මීට මතු ප‍්‍රභාකරන් කියන ත‍්‍රස්තවාදී නායකයාට නැවතත් මහාවීර දිනයක් අමතන්න මම ඉඩතියන් නෑ කියලා. ඒ පොරොන්දුවත් මම අකුරටම ඉෂ්ට කළා. මේ නොවැම්බර් මාසයේ 27 වෙනිදට යෙදිලා තිබුණ ඒ ප‍්‍රභාකරන්ගේ මහා වීර කතාව ඔබට අහන්න හම්බවුනේ නෑ. ඔබට මම මෙයින් පවසා සිටින්නේ මේ මම පොරොන්දු දුන්නොතින් ඒ පොරොන්දු අකුරටම ඉෂ්ට කරන පුද්ගලයෙක් හැටියට කරුණාකරලා මාව හඳුනාගන්නා හැටියට.’

‘පහුගිය කාලයේ ලබපු මේ යුද ජයග‍්‍රහණය ඒ ජයග‍්‍රහණයන් ලැබුවේ ඔබලා බලාපොරොත්තු වුණ රටට අවශ්‍ය සාමය ලඟාකර දුන් යුද ජයග‍්‍රහණය ලැබුවේ අනිවාර්යයෙන්ම ඒ යුද්ධයට මුහුණ දුන්න වීරෝධාර නිලධාරීන්ගෙත් වීරෝධාර සෙබලූන්ගේත් කැපවීම සහ නිර්භීතභාවය නිසයි. ඒ ජයග‍්‍රහණයේ ගෞරවය යම් කිසි කොටසක් විශාල ප‍්‍රමාණයක් මහජනතාවට අනිවාර්යයෙන්ම අයිති වෙනවා. මහජනතාව ඒ දීපු සහයෝගය අපිට ලැබුනෙ නැත්නම් ඒ ජයග‍්‍රහණය කරා අපට යන්න හම්බවෙන් නෑ. මම හැමවෙලේම මතක් කරපු දෙයක් තමයි තරුණයින් ලක්‍ෂ ගණනින් හමුදාවට බැඳුනා. අලූත් සාමාජිකයින් මේ මහජනතාව අතරින් පැමිණ නොසිටින්නට මේ ජයග‍්‍රහණය අපට කවදාවත් ලබාගන්න හම්බවෙන්නෑ. එම ජයග‍්‍රහණයේ ප‍්‍රධාන කොටස්කාරයෙක් හැටියට ලක්‍ෂ දෙකක යුද හමුදාවක් මෙහෙයවමින් ජයග‍්‍රහණය කරා ගමන් කරවීමට හමුදාව මෙහෙයවීමට ලැබීම ගැන මම ඉතා නිහතමානීව ආඩම්බර වෙනවා. නමුත් මම ඒ ජයග‍්‍රහණයට ඇත්ත වශයෙන්ම සාර්ථකව දායකත්වයක් දුන් කිසිම කෙනෙක්ගේ ඒක උදුරා ගැනීමට තැත්කිරීමට හෝ ඒ ජයග‍්‍රහණය මතින් මම වීරයෙක් වීමට හෝ මම රජතුමෙක් වීමට උත්සාහ කරන්නේ නෑ.’

‘ජයග‍්‍රහණයේ යම් කිසි කොටසක් අනිවාර්යයෙන්ම දේශපාලනඥයින්ට දේශපාලන තීන්දු මත හිමි වෙනවා. නමුත් මම තදින්ම පිළිගන්නවා මේ රටේ හිටපු සියළුම රාජ්‍ය නායකයින් හට එක වගේම උනන්දුවක් අවශ්‍යතාවයක් තිබුණා මෙම යුද්ධය ජයග‍්‍රහණය කරලා මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරා ගන්න. ඒ අවස්ථාවල හමුදාමය අංශයන්ගෙන් ඇතිවුණ පසුබෑම නිසයි ඒ දෙය රාජ්‍ය නායකයින්ට ඒ කාර්යභාරය ඉෂ්ට කරගන්න බැරිවුණේ. අපි ලබපු ජයග‍්‍රහණය ස්ථීර වෙන්න වෙන්න තමයි විදේශ බලපෑම් ආදිය ආවේ. අතීතයේ සිටපු රාජ්‍ය නායකයින්ටත් විදේශ බලපෑම්වලට මුහුණ දෙන්න තිබුණා. අපි ප‍්‍රභාකරන් යන ත‍්‍රස්තවාදියා අවසාන කිලෝමීටර් 20 – 30 ට කොටු කරා නම් මේ අවස්ථාවේ ඒ ප‍්‍රශ්නය වැඩි වුණේ අපි හමුදාව ඒ රාජකාරිය හරියට ඉෂ්ට කර නිසයි. නැතිනම් සියලූම රාජ්‍ය නායකයින් සියලූම රජයන්ට අතීතයේ තිබුණත් දැන් පවතින රජයට වගේම ඒකම අවශ්‍යතාව සහ උනන්දුව හා කැපවීම තිබුණා මේ ප‍්‍රශ්නයෙන් රට බේරා ගැනීමට.’

‘අපි මේ යුද්ධය කළේ එක ජනකොට්ඨාශයකට විරුද්ධව කරපු දෙයක් නෙවේ. මේ යුද්ධය අපි කරේ දෙමළ ජනතාවට හෝ උතුරු නැගෙනහිර ජනතාවට විරුද්ධව කරපු යුද්ධයක් නෙවේ. මේ යුද්ධය අපි කරේ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධවයි. ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් රට, ජාතිය, අගම් සියළුම ජාතීන් බේරා ගැනීම සඳහායි. ඒක හන්දා කිසිම කෙනෙක් වැරදි අර්ථකථනයක් දියයුතු නෑ මේ යුද්ධය කළේ යම් කිසි ජනකොට්ඨාශයක් විශේෂයෙන්ම ද්‍රවිඩ ජනකොට්ඨාශය පීඩාවට පත්කිරීමට කියලා. ඇත්ත වශයෙන්ම අපි කරේ ත‍්‍රස්තවාදීන් විනාශ කරලා ඒ ද්‍රවිඩ ජනකොට්ඨාශය ඒ හිටපු දුක්ඛිත පීඩිත තත්ත්වයෙන් මුදා ගැනීමයි. ඒ ද්‍රවිඩ ජන කොට්ඨාශයේ අනාගත පරපුරට නිදහසේ සාමයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගීමයි. ඒ උතුර නැගෙනහිර භූමිය ත‍්‍රස්තවාදයෙන් මුදවා ගැනීමයි. එපමණක් නෙවෙයි උතුරු නැගෙනහිර තිබුණ පූජ්‍ය ස්ථාන විශේෂයෙන්ම මඩු දේවස්ථානය වැනි ස්ථාන දීර්ඝ කාලයකට පස්සේ අපි ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේරාගෙන මහජනතාවට වැදපුදා ගැනීමට හැකි අවස්ථාවක් සලසා දුන්නා. ඒ ගැන අපි ඉතා හද පතුලෙන් සෑහීමකට පත්වෙනවා. සතුටට පත්වෙනවා.’

‘දැන් ඒ අතරින් අපි විසඳුම් සොයාගෙන ගිහිල්ලා. සාමය කරා ගමන් කරලා ජාතික සමඟිය ගොඩනැගීමට කි‍්‍රයා කළ යුතුයි. රටේ අවශ්‍යතාවය, ජාතික සමඟිය, සියලූම ජාතීන් අතර සුහදව සාමයෙන් ජීවත් විය හැකි වටරාමුවක අපගේ ජාතිය ගොඩ නැගීමයි.’

‘දැනට පවතින රජය අපි මුදාගත් ප‍්‍රදේශවල හිටපු ද්‍රවිඩ ජනතාවට සලකපු ආකාරය ගැන මම සෑහීමකට පත්වන්නෑ. එම ජනතාව අපි ඉතා කැපවීම් කරලා ලක්‍ෂ තුනකට ආසන්න ද්‍රවිඩ ජනතාවක් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේර ගත්තා නමුත් හමුදා අයවලූන් ඉන් පසුව බලාපොරොත්තු වුණේ නෑ එම මුදාගත් අසරණ ජනතාව දුක්ඛිත තත්ත්වයකට පත්කරලා, කඳවුරුවල කොටුකරලා තියාගෙන සැප පහසුකම්වලින් තොරව ඉතාම වේදනාකාරීව ජීවත් වීමට යොමු කිරීමට. මම විශ්වාස කරනවා ඒ මුදා ගත් ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට රජයට හැකිවුණේ නෑ. ඒ ජනතාවගේ පහසුකම් ඒගොල්ලොන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරාලීමට රජය උනන්දු වුනේ නෑ. ඒකත් හමුදාවල ශක්තියෙන් තමයි ඒ ජනතාව හැකිතාක් දුරට හෝ බලා ගත්තේ. ඒකහන්දා ඒ අඩුපාඩුව මම හෙළා දකිනවා. ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉදිරියටත් බලා ගත යුතුයි. ඒ ජනතාව නැවත පදිංචි කිරීමේදී ඒ ගොල්ලන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයා, බිම් බෝම්බ ඉවත් කර ආරක්‍ෂා සහිතව නැවත පදිංචි කරවිය යුතුයි. දේශපාලන පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඒ අය නැවත පදිංචි කරවීම සිදු නොකළ යුතුයි. එය සිදු කළ යුත්තේ අවංක චේතනාවකින් පමණයි.

දැනට පවතින රජය යුද ජයග‍්‍රහණයේ නියම ඵල නෙලා ගත්තේ නෑ. අපි යුද්ධය කරන අතරේ මේ යුද්ධයේ මුවාවෙන් මේ රජයේ රාජ්‍ය නායකයින් තමාට සේවයක් කර ගැනීමට උත්සාහ කළා. අපි යුද්ධ කළේ රට බේරා ගැනීමට මිසක් සියලූම හමුදා පොලීසියේ සහාය ඇතුව ග‍්‍රාමාරක්‍ෂක සිවිල් ආරක්‍ෂක නිලධාරින්ගේ සහාය ඇතුව පහුගිය කාලයේ තිබුණ සටන මෙහෙයවලා රට මුදා ගත්තේ රටේ සුබසිද්ධිය සඳහා මිසක් එක පවුලක සුබසිද්ධිය සඳහා නෙවේ. නමුත් අවසානයේ අපට පෙනුණු දෙයක් තමයි ඒ ලබාගත් ජයග‍්‍රහණයේ ඵල නෙලා ගැනීම අමතක කරලා එක පවුලක අභිවෘද්ධිය සඳහා රාජ්‍ය නායකයා කටයුතු කරනවා. ඒක අපි හෙළා දකිනවා. ඒ කටයුතු කිරීම තුලින් ඔවුන්ගේ කැපවීමක් රහිත භාවය, රටට ආදරයක් නැති භාවය, රටේ ජනතාවට ආදරයන් නැති භාවය මනාවට ඔප්පු කරලා තියෙනවා.

ඒ කරපු කැපවීම්වල විශාල පරිමාණයේ කැපවීම් කරලා ති‍්‍රවිධ හමුදා සහ සියලූම ආරක්‍ෂක හමුදා ලබාගත් ජයග‍්‍රහණයේ ඵල නෙලා නොගැනීම එම ජයග‍්‍රහණයෙන් රාජ්‍ය නායකයා සහ පවුලේ අය පමණක් ගොඩවීමට උත්සාහ දැරීමට අපට දරාගත නොහැකි ඉතාම කළ කිරීමට පත්කරවන සුළු තත්ත්වයක් ඇතිකරලා තියෙනවා. ඒ තත්ත්වයේ මත සිට තමයි මම ඉදිරියට රටට සේවය කිරීමට මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට, දේශපාලන කිරීමට අදහස් කළේ.

මේ කුණු ඉවත් කිරීමට යෑමේදී, මං දන්නවා කුණු ඉවත්කරන්නට යන අයගේ අත්වල කුණු ගෑවෙනවා. කණගාටුවෙන් උනත් මට ඒ තත්ත්වයට මූණ දෙන්න වෙනවා. කුණු කන්දල් ගොඩනගාගෙන ඉන්නවා රජය ඒ කුණු කන්ද ඉවත්කරන්නට යෑමේදී අපේ ඇගේ කුණු ගෑවෙනවා ඔබටත් පේනවා අපට දැනට මඩ ගහනවා, චරිත ඝාතනය කරනවා, ඒ තත්ත්වයට කණගාටුවෙන් උනත් මුහුණ දෙන්න මම නිර්භීතව නිර්භයව ඉදිරිපත් වෙනවා.

මෙම රජය ඉතාමත් සදාචාරාත්මක නොවන විදියට හමුදාව දේශපාලණීයකරනය කරමින් සිටිනවා දැනට. ඒක මම ලංකාවේ සිටපු මෙතෙක් කාලයට බිහිවූ ජ්‍යෙෂ්ඨම නිලය අදිමින් හමුදාවේ සේවය කළ නිලධාරියා හැටියට ඒක මම ඉතාම තදින් හෙළා දකිනවා. හමුදා නිලධාරීන් නිල ඇඳුමින් ගෙනැල්ලා මාධ්‍ය තුළින් ඉදිරිපත් කරලා දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න හදනවා. ඔබට ඒක ඉතා පැහැදිලිව පේනවා ඇති. හමුදා නිලධාරීන් වක‍්‍රව දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමට යොදවනවා. රණවිරුවන් යොදවලා දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න හදනවා. රණවිරුවන් නොමග යවමින්, ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් යුද හමුදාවෙන් ඉවත්වගොස් සිටින රණවිරුවන් වැරදි ආකාරයට පාවිච්චි කරමින් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න හදනවා. ඒ තත්ත්වය මම අනිවාර්යයෙන්ම හෙළා දකිනවා. එය සදාචාරාත්මක නෑ. සියලූ දෙනාම එය තේරුම් ගත යුතුයි.

මං මේ තත්ත්වයට අවතීර්ණය වුණේ දේශපාලනඥයකුවීමේ අභිමතාර්ථයෙන්ම නෙවේ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට මගෙන් යම්කිසි සේවයක් විය යුතුය කියා මම සිතමු නිසයි. සියලූම ජාතීන්ගේ ආරක්‍ෂාව සුරැුකීමට මම යම්කිසි සේවයක් යම් කිසි පියවරක් ගත යුතුයි එය මගේ වගකීමක් කියලා සිතුන නිසයි. ත‍්‍රස්තවාදීන් විනාශ කරලා ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් රට මුදාගෙන ඒකාධිපතියකුට රට බාරදීමට මං හිතන්නෑ අපි ඉඩ තියලා නිශ්ශබ්දව සිටිය යුතුයි කියලා. ඒකාධිපතිවාදය විධායක ජනාධිපති ධූරය පිටුපස සැගවී සිට ඒකාධිපතිවාදයක් ගෙන යෑමට කිසිවකුට ඉඩදිය යුතු නෑ. ඒක නිසා ඒ තත්ත්වය යටතේ මට අකමැත්තෙන් හෝ පැකිලෙමින් හෝ දේශපාලනයට අවතීරණය වෙන්න සිද්ධ වුණා.

එය ඔබ සැම කරුණාකර වටහා ගනී කියා මා සිතනවා.

මා පුද්ගලිකව හිතනවා මට අවස්ථාවක් ලැබෙනව නම් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවස්ථාව ලැබෙනව නම් මම මේ අවස්ථාව කොයිම වෙලාවකවත් පැහැර හරින්නෙ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන පක්‍ෂ තිබිය යුතු වග මා පිළිගන්නවා. රජයක් සහ විරුද්ධ පක්‍ෂ නමුත් වෛරී දේශපාලනය මඩ ගැසීමේ දේශපාලනය පළි ගැනීමේ දේශපාලනය මං තදින් හෙළා දකිනවා. මම පුද්ගලිකව හිතනවා දියුණු රටවල්වල හැටියට මේ රටේත් එකම නිවසේ එකම පවුලේ ස්වාමියාට සහ බිරිඳට පක්‍ෂ දෙකකට ඡුන්දය දීලා එකට කෑම මේසයේ වාඩි වෙලා කාලා සාමයෙන් ගත කරන්න පුළුවන් නම් ඒක තමයි දේශපාලන නිදහස කියන්නේ. ඊට පස්සේ ගෙදර ඇව්ල්ලා ගහගන්න අවශ්‍ය නෑ. පිඟන් වීසි කරලා පුටු වීසි කරලා. එවැනි අවබෝධයක් තිබිය යුතුයි නියම දේශපාලනය තියෙන රටක් හැටියට පිළිගන්න නම්. අසල්වැසින්ට පක්‍ෂ දෙහෙකට ඡුන්දය දීලා ඊට පස්සේ සමගියෙන් කාලය ගත කිරීමට හැකි විය යුතුයි. ඒක තමයි මා බලාපොරොත්තු වෙන ප‍්‍රාර්ථනා කරන දේශපාලන සංස්කෘතිය.

ඒ අනුව මම සියලූම රටවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ යහපාලනය ඇති කිරීමට මට ජනවරමක් ලබාදෙන ලෙසයි. යහපාලනය ඇති කිරීමට මට ජනවරමක් ලබාදෙන්න. රටට වින කරපු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මට ජනවරමක් ලබාදෙන්න. මහජනයාගේ කරපිටින් අවතීර්ණය වෙලා මහජනයාට බොරු පොරොන්දු දී විධායක ජනාධිපති ධූරය ලබාගෙන ඒ ජනාධිපති ධූරයේ සිටිමින් රටට වින කරමින් කාලය ගත කරන ජනාධිපතිවරයකු වීමට මට අවශ්‍ය නෑ. දැනට සිටින ජනාධිපතිතුමා එවැනි පොරොන්දු දී එම ධූරයේ තැන්පත්වී නමුත් ඉතාම ගුණමකු ලෙසින් මහජනයා බලාපොරොත්තු වූ දේ අමතක කරමින් රාජකාරි කරනවා. ඒ තත්ත්වය මම තදින් හෙළා දකිනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුතුයි. ඒකාධිපති ජනාධිපති කෙනෙක්ගෙන් මේ රටට කිසිම සේවයක් කවදාවත් සිදුවන්නේ නෑ.

මම බලයට පත්වූ විට ඒ ගැන වඩාත් විශ්වාසය තියෙනවා. ඔබ සැමගේ සහයෝගය අද සිට එක පුද්ගලයෙකුට රට විනාශ කිරීමට ඇති හැකියාව නැති කරනවා. මහජනතාවට වග කියන පාර්ලිමේන්තුවකට බලය පැවරීමට හැකි ව්‍යවස්ථාවක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මහජනතාවට වග කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත මහජනතාවට වගකියන බලය සහිත පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කි‍්‍රයා කරනවා.

බලයට පැමිණි වහාම 17 වන සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ යටතේ අවශ්‍ය නිදහස් කමිටු ස්ථාපනය කොට ව්‍යවස්ථා සභාව ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. මෙතෙක් කල් එම පියවර ගැනීමට පමා වී තියෙන්නේ ව්‍යවස්ථා සභාවේ කමිටු පත් කිරීම ඇන හිට තියෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සන ලබාගැනීමට නොහැකි වීම මතයි. ඒ තත්ත්වය මග හැර ඉතාම වහාම ජනාධිපතිවරණයෙන් පසු මම එය කි‍්‍රයාවට යෙදීමට බලාපොරොත්තු වෙනවා. ඒක කඩ නොවෙන පොරොන්දුවක්.

ජයග‍්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු ඡුන්දය පවත්වා තුනෙන් දෙකක බලය ලබාගෙන හැකි වහාම නිසි වේලාවට එම බලය ලබාගෙන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය පියවර බලය සහයෝගය ලබාගැනීමට හැකිවේ කියා මට විශ්වාසයි. විරුද්ධ පක්‍ෂයේ සිටින මැති අමැතිවරුන් පමණක් නෙවෙයි රජයේ සිටින මැති ඇමැතිවරුනුත් ඒකට සහයෝගය දෙන බව මට විශ්වාසයි. දැනටමත් මේ රජයේ සිටින මැති ඇමැතිවරු විශාල සංඛ්‍යාවක් අපට සහයෝගය දීමට ඉදිරිපත්වී සිටිනවා. එළිපිට කතාකරන්න පුද්ගලික හේතූන් මත ඒ කට්ටිය අකමැති වුණත්.

අතීතයේදී විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරනා බවට නොයෙකුත් පොරොන්දු දුන්නත් ඒ පොරොන්දු කිසිම වෙලාවක ඉෂ්ට වුණේ නෑ. මම විනය ගරුකව රාජකාරි කර, අකුරටම මගේ රාජකාරිය ඉෂ්ට කර අවුරුදු 40 ක හමුදා සේවයක් සහිත විශ‍්‍රම ගිය හමුදා නිලධාරියෙක්. ඒක හන්දා ඒ ලබාගත්ත පන්නරය තුළින් දෙන පොරොන්දු ඉෂ්ට කිරීම වගකීම් ඉෂ්ට කිරීම යන ස්ථාවරයේ ඉඳලා මම මේ දෙන පොරොන්දුව මම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.

රටේ විනය ඇති කිරීමට සහ පොරොන්දු ඉෂ්ට කරන දේශපාලනයක් ඇති කිරීමට අවශ්‍ය අඩිතාලම දමමින් රට ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. මට රජ පවුලක් ගොඩ නැගීමට අවශ්‍ය නෑ. මගේ පවුල දැන් ඉන්න තත්ත්වයෙන් ජීවත් වෙනවා කියන එක දැකීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව. අත් පිරිසුදුයි. ඒවට මඩ ගැසීමට පටු දේශපාලන මතිමතාන්තර මත සිට උත්සාහ කලත් අවුරුදු 40 ක තිබුණු පිරිසුදු හමුදා නිලධාරියකුගේ චරිතය මා හිතන්නෑ මඩ ගැසීම තුළින් දැන් දුර්මුඛ කරන්න එහෙම නැත්නම් ඒතට අපහාස කරන්න හැකි වෙයි කියලා. මගේ අත් පිරිසුදු බව මං දන්නවා මා යටතේ සේවය කළ සියලූම දෙනා සියලූම අවස්ථාවල ඒක ඒකමතිකව පිළිගන්න දෙයක් ඉදිරියටත් මම ඒ පිරිසුදු බව රැුක ගැනීමට කි‍්‍රයා කරනවා. රට ජාතිය ආගම වෙනුවෙන්.

දැනට පවතින රජය ඡුන්දය දිනීම සඳහා ඉතා පහත් ක‍්‍රම අනුගමනය කරන වග ඔබට දැනටමත් පෙනී යනවා ඇති අපි එවැනි ක‍්‍රම අනුකරණය කිරීමට හෝ එවැනි ක‍්‍රම ඉදිරියට ගෙන යෑමට කිසිම බලාපොරොත්තුවක් නෑ. මඩ ගැසීම්, චරිත ඝාතනය කිරීමට විශාල ප‍්‍රයත්නයක යෙදී සිටිනවා. සමහර හමුදා නිලධාරීන් මාධ්‍ය ගෙනැල්ලා නොයෙක් ප‍්‍රකාශ කරනවා. ඒ හමුදා නිලධාරීන්ම මට මගේ රාජකාරිය අගයලා මම යුද්ධය නිම කිරීමට කළ සේවය අගයලා එවපු සුබපතපු ලිපි ලේඛන මා ගාව තියෙනවා. ඒ ලිපිලේඛන අනාගතයේදි ඔබ සැමට දැකගන්නට පුළුවන් වෙයි. දැනට මා වෙනුවෙන් මඩ ගැසීමට ඉදිරිපත්වී සිටින නිලධාරීන් අතීතයේදී මා ගැන කිව්වේ මොනවාද? ජනාධිපතිතුමා මාගේ යුද හමුදාපති සේවය ගැන කිව්වේ මොනවාද? මම  ඕනෑම හමුදාවකට අණදිය හැකි  ඕනෑම නූතන හමුදාවකට අණ දිය හැකි හොඳම හමුදාපතිවරයෙක් කියලා ජනාධිපතිතුමාගේ කටින් පහුගිය කාලයේ ප‍්‍රකාශ කළා. ආරක්‍ෂක ලේකම්තුමාගේ කටින් ප‍්‍රකාශ කළා මම ලෝකයේ ඉන්න හොඳම හමුදාපති කියලා ඉන්දියාවේ ආරක්‍ෂක උපදේශකතුමා පැවසූ බව ඒ සියල්ල ඔබට මතක ඇති. ඒ කට්ටියම තමයි දැනට හමුදාපති හැටියට මම සාර්ථක නෑ, මම වැරදි කළා කියලා පවසමින් මට මඩ ගැසීමට උත්සාහ කරන්නේ.

රටට වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ලබාදීමට මා පොරොන්දු වෙනවා රටේ අනාගත පරම්පරාවට තරුණ පරම්පරාවට ඔබ සැමගේ ¥ දරුවන්ට ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට නම් යහපත් අනාගතයක් ගොඩ නැගීමට නම් ඒ වෙනස අවශ්‍යයි. අපි නිදහස ලැබූු කාලයේ සිටම පහුගිය අවුරුදු 50 කට අධික කාලයක් තුළ ඒ වෙනස අපි දැක්කෙ නැහැ. එක එක වැරදි කලා ඒකෙන් ටිකෙන් ටික අරාජික වුණා ඇරෙන්න රටේ දියුණුවක් අපි දැක්කෙ නෑ. ඒ වෙනස ගෙනැල්ල ඒ දියුණුව දකින්න ඔබට අනිවාර්යයෙන්ම සලස්සනවා. ඒ සඳහා උපරිම කැපවීමෙන් කි‍්‍රයා කිරීමට බලාපොරොත්තු වෙනවා. මම කියා සිටිනවා. රට වැසියා උගත්. මොඩයි කියලා, බොරු කියලා රවට්ටන්න පුළුවන් රටේ වැසියෙක් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. දේශපාලනඥයින් මෙච්චරකල් හිතුවේ බොරු කියලා රටවැසියා රවට්ටලා තමාගේ බලය රැුක ගත හැකියි කියලා. රට වැසියා උගත්. උගත් රටවැසියාගෙන් ඉල්ලා සිටිනවා ඉතාම ඥානාන්විතව තමාගේ මොලය පාවිච්චි කරලා රටේ තත්ත්වය අවබෝධ කරගෙන රටට අවශ්‍ය දියුණුව ලබාගත හැකි ආකාරය ගැන කල්පනා කරලා පහුගිය අවුරුදු හතර ඇතුලත ඒ රට වැසියා දුටු දෙයින් සෑහීමට පත් වෙන්න පුළුවන් ද කියලා කල්පනා කරලා ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්න කියලා. ඒ යුතුකම මහ ජනතාව අනිවාර්යයෙන්ම ඉෂ්ට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සිය අදහස් දැක්වීමෙන් පසු මාධ්‍යවේදීන් තුන් සියයක් පමණ සහභාගී වූ මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ඍජු ප‍්‍රශ්ණ වැලක් ජෙනරාල් වරයා වෙත එල්ල විය. ඉතා කෘතහස්ත දේශපානඥයෙකු මෙන් සියළු ප‍්‍රශ්ණ වලට සැහැල්ලූවෙන් පිලිතුරු දුන් ෆොන්සේකා මහතා ඉංග‍්‍රීසි සිංහල භාෂා ද්වයම චතුර ලෙස හැසිරවීය.

මෙහිදී ඇසූ ප‍්‍රශ්ණ සහ පිළිතුරු මෙසේ ය.

ප‍්‍ර: ඔබ චන්දය ඉල්ලන්නේ කුමන ලකුණින් ද?

පි: හංසයා ලකුණින් ඡුන්දය ඉල්ලනවා. ඌ දියෙන් කිරි වෙන් කර ගැනීමට හැකියාවක් ඇති බුද්ධිමත් සතෙක්.

ප‍්‍ර: දෙමළ භාෂාව කථා කරන ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට ඇති විසඳුම කුමක්ද?

පි: වසර ගණනාවක් දේශපාලනයේ නියුතු දේශපානඥයින් වුවත් මේ ප‍්‍රශ්ණයට නිවැරදි පිළිතුරු දී නෑ. අමතක කරන්න එපා මම තවම හමුදාවෙන් ඉවත්වී දින 10 යි. මා ආචාර්ය උපාධි ලැබූ ඉතිහාසඥයෙකු නොවේ. මේ ප‍්‍රශ්ණයට පිළිතුරු ලෙස ගෙනා 13 වන සංශෝධනය අද වෙනස් විය යුතුයි. එදා තිබුණු තත්ත්වය නොවේ වර්තමානයේ තිබෙන්නේ. අප සියළු දෙනා සමග සාකච්ඡුා කොට 13 වන සංශෝධනය එහා පිළිතුරක් සෙවිය යුතුයි. මට සහාය දෙන දේශපාලන පක්‍ෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා. මා පෙර කී සේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් මගින් මේ ප‍්‍රශ්ණ වලට විසඳුම් ගෙන ආ යුතුයි. මගේ පුද්ගලික මතය නම් රටේ බහුතරය සුළු ජාතීන් ආරක්‍ෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලන බලාපොරොත්තු ආරක්‍ෂා කළ යුතුයි. බහුතරයේ ඉල්ලීම් සුළුතරයට හානි නොවිය යුතුවා පමණක් නොව සුළුතරයේ ඉල්ලීම් බහුතරයටද හානි නොවිය යුතුයි.

ප‍්‍ර: පසුගිය කාලයේ එල්ටීටීඊයට මුදල් ආධාර කළ අය අද ඔබගේ ඡුන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කරනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා?

පි: මම රු. 50,000 ක පෙන්ෂන් එකක් ලබන පුද්ගලයෙක්. මෙවැනි ඡුන්ද ව්‍යාපාරයකට මුදල් වියදම් වනවා කියන එක ඔබ දන්නවා. පෙන්ෂන් එකේ සල්ලි වලින් ඡුන්ද ව්‍යාපාර කරන්න බැරි බව ඔබ දන්නවා. මට බොහෝ දෙනා මුදල් ආධාර කරනවා. ව්‍යාපාරිකයන්, මහජනතාව කුඩා දරුවන් පවා මෙම කටයුතු්තට මුදල් දෙනවා. ඔබ කියන ආකාරයෙන් එල්ටීටීඊයේ අය පවා උදව් කරනවා නම් උදව් කළ යුත්තේ පුද්ගලිකව නොවේ අපි මේ රට හමුවේ තබා ඇති මේ වැඩ පිළිවෙලටයි. එල්ටීටීඊයේ අය වුනත් ඊට උදව් කරනවානම් ඉතා හොඳයි.

ප‍්‍ර: දෙමළ ජාතියේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට ඇති වැඩ පිලිවෙල කුමක්ද?

පි: මා කලිනුත් මේ ප‍්‍රශ්ණයට පිළිතුරු දුන්නා. ඔය පිළිබඳ වාද කරලා පලක් නෑ. රටේ ව්‍යවස්ථාවෙන් මේ රටේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරලා තියෙනවා. එය නිවැරදිව ක‍්‍රියාත්මක කළ යුතුයි.

ප‍්‍ර: ඉදිරි ආර්ථික ජයග‍්‍රහණයන්ට පෞද්ගලික අංශය ගැන ඔබේ අදහස කුමක්ද?

පි: පෞද්ගලික අංශය යනු රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. එය පැත්තකට දමා රටක් දියුණු කළ නොහැකියි. ඔවුන්ට නිදහසේ ව්‍යාපාර කිරීමට වටපිටාව සැකසිය යුතුයි. ආණ්ඩුව මැදිහත් වූ විට තමයි, ¥ෂණය අල්ලස් ගැනීම වැනි දෑ සිදුවන්නේ. දැන් ඔබට එය සිදුවන හැටි පෙනෙනවානේ.

ප‍්‍ර: මැතිවරණයේදී ඔබ උතුරට යනවාද?

පි: මගේ ආරක්‍ෂාව සපයනවා නම් උතුරේ ජනයා ඇමැතීමට මම ඉතා ආශාවෙන් ඉන්නවා.

ප‍්‍ර: ඔබ බලයට පැමිණි පසු පක්‍ෂ මාරු කරන අය ගැන කුමක්ද කරන්නේ?

පි: පුද්ගලික වාසි තකා අත්තෙන් අත්තට පණින දේශපාලනය වෙනස් කළ යුතුයි. එම සංස්කෘතිය වෙනස් කළ යුතුයි. පාර්ලිමේන්තු ඡුන්දයෙන් පසු එ් සඳහා නීති සකස් කළ යුතුයි.

ප‍්‍ර: අද ඔබට සහාය දෙන මංගල සමරවීර මහතා එදා ඔබට චෝදනා කළා….

පි: ඔව්, මා සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නෑ කියා කීවා. විපක්‍ෂයේ සිටියදී ආණ්ඩු වල ක‍්‍රියාමාර්ග විවේචනය කරනවා. එදා තත්ත්වයේදි මම ආණ්ඩුවේ. අනෙක එ්වා පුද්ගලික කාරණා. අද අප එක්ව සිටින්නේ ඊට වඩා වැදගත් රටේ පොදු කාරණා සම්බන්ධයෙන්. ප‍්‍රශ්ණයක් නෑ, අද අපි හොඳ මිතුරන්.

ප‍්‍ර: සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත ඝාතනය ගැන කුමක්ද කියන්නේ?.

පි: ලසන්ත පමණක් නොවෙයි, කොළඹ සිදු වූ බොහෝ අපරාධ ගැන නීතිය ක‍්‍රියාත්මක නොකිරීම ගැන එදත් අදත් ඔවුන් වගකීම බාර ගත යුතුයි. එ්වා ගැන ඔවුන් මට ඇඟිල්ල දිගු කළාට වැඩක් නෑ. මම විනය ගරුක හමුදාවක් රට බේරා ගැනීම සඳහා මෙහෙයවූවා මිස පාතාල කණ්ඩායම් සමග වැඩ කරන මිනීමරු කණ්ඩායමක් මෙහෙයවූවා නොවේ. මම පොලූ අරන්, පිස්තෝල අරන් පාරේ බැහැල චන්ඩිකම් කළා නොවේ. බලයට පත් වූවොත් මේවා ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් කරනවා. ඔවුන් වගේ මට අද සාක්කි නැතුව එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන එක හරි නෑ. විශේෂත්වයකින් තොරව පරීක්‍ෂණ කළ යුතුයි. එය කරනවා.

ප‍්‍ර: ඉන්දියාව ඔබ සමග තිබෙන සම්බන්ධය කොහොමද?

පි: ඉන්දියාව සමග ඉතා හොඳූ සම්බන්ධකම් තිබෙනවා. මා පළමුවරට හමුදාවට බැඳී දෙවන ලූතිනන් වරයෙකු ලෙස පුහුණුවන්න ගියෙත් ඉන්දියාවට. ඉන්දියාවේ මා සිව් වතාවක් පුහුණු වී තිබෙනවා. මට ඉන්දියාව සමග තිබෙන්නේ සියයට දහසක හොඳ සම්බන්ධතාවයක්. ඉන්දියානු සංස්කෘතියට මා ඉතා ගරු කරනවා. ඉන්දියානු සංගීතයට මා ඉතා කැමතියි. පාසල් යන කාලයේ ඉඳන් ඉන්දියානු චිත‍්‍රපට නැරඹීමට මා ඉතා ආශයි. අපගේ විශිෂ්ඨ අසල් වැසියා ඉන්දියාවයි.

ප‍්‍ර: ගුවන් පාලම් වලින් වගේ මහජන මුදල් ගසා කෑම ගැන මොකද කරන්නෙ? එම මුදල් අය කරගන්නේ කෙසේද?

පි: එවැනි දේ කරපු අය උපරිම දඬුවම් ලැබිය යුතුයි. එවැනි දේ යළි සිදු නොවීමට ක‍්‍රම සෙවිය යුතුයි. එවැනි දේ කළ අයට රාජ්‍ය තාන්ත‍්‍රිකව දඬුවම් දී එම මහජන මුදල් යළි ලබා ගත යුතුයි. මෙසේ මහජන මුදල් වංචා කළ හැකි තත්ත්වය නතර කළ යුතුයි.

ප‍්‍ර: විදේශ රටවල් යුද අපරාධ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට කරන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?

පි: අප කළ යුද්ධය ඉතා විනය ගරුකව අප කළා. නමුත් කවුරු හෝ කොතැන හෝ යුධ අපරාධයක් කළා කියා එ් පිළිබඳ ඔවුන් නිවැරදිව පෙන්වනවා නම් අප එ් ගැන පරීක්‍ෂණ පවත්වනවා.

ප‍්‍ර: ‘මතට තිත’ ගැන ඔබ මොකද කියන්නෙ?

පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එ්ත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිබෙනවා. ප‍්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එ්ත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එ්වා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට දඬුවම් කළ යුතුයි.

ජෙනරාල්ගේ නිවසට කඩාවැදීම ගැන ඇමැති හා හමුදා ප්‍රකාශකගෙන් මත දෙකක්
ජෙනරාල්ගේ නිවසට කඩාවැදීම ගැන ඇමැති හා හමුදා ප්‍රකාශකගෙන් මත දෙකක්

පසුගිය 26 දා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිල නිවසට මධ්‍යම රාත්‍රියේදී යුධ හමුදා පොලිසිය කඩා පැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයන් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා අදහස් දෙකක් ප්‍රකාශ කර ඇත.

මෙහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ “ජෙනරාල්ගේ නිල නිවස පිහිටා තිබෙන්නේ අධි ආරක්ෂක කලාපයකයි. ඒ අධි ආරක්ෂක කලාපයේමයි ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ වගේම තවත් සුවිශේෂී පුද්ගලයින්ගෙ නිල නිවෙස් පිහිටා තිබෙන්නේ. ඒ නිසා මේ කියන විදියට හමුදාවට කොයි වෙලාවකවත් කඩා පනින් බැහැ. මේක සිදුවූ සිදුවීමක් නෙමෙයි” යනුවෙනි.

නමුත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා යුද හමුදා පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ජෙනරාල් සරත්ෆොන්සේකා මහතා හමුවීමට පසුගියදා 26 වන දා රාත්‍රි හමුදා නිලනිවසට ගියේ ඔහු විසින් අනවසරයෙන් රඳවාගෙන සිටින හමුදා භටපිරිස හා රථවාහන කිහිපයක්‌ පිළිබඳව විමසීමට බව පැවැසීය. එමෙන්ම රාත්‍රි 11.00 ට පමණ සරත් ෆොන්සේකා මහතා හමුවීමට යුද හමුදා පොලිස්‌ නිලධාරීන් ඔහුගේ නිල නිවසට ගියේ ඔහු එතෙක්‌ නිවසට පැමිණ නොතිබූ නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අනුව දෙදෙනා මත දෙකක් ප්‍රකාශ කර ඇති අතර, ඇමැතිවරයා මෙම සිදුවීම ප්‍රතික්ෂේප කරද්දී, හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සිදුවීම් සිදු වූ දෙයක් ලෙස පිළිගෙන ඇත. මේ අනුව රජයේ ඇමැතිවරුන් මේ වන විට ජෙනරාල් විරෝධි ක්‍රියාවක නිරත වෙමින් සිටින අතර, එහි ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමට ඇමැතිවරු සැදී පැහැදී සිටින බවත්, රජයේ ආරක්ෂක භට පිරිස් වන හමුදා භට පිරිස් ආණ්ඩුවේ අණට යටත්ව කටයුතු කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව හෙළි වන බවත්, මේ පිළිබඳ අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පැවසූහ.

එ්ෂියන් ටි‍්‍රබියුන් ලිපියකින් වූ අපහාසයට ජෙනරාල්ගේ බෑනා ඩොලර් කෝටි 10ක වන්දියක් ඉල්ලයි
එ්ෂියන් ටි‍්‍රබියුන් ලිපියකින් වූ අපහාසයට ජෙනරාල්ගේ බෑනා ඩොලර් කෝටි 10ක වන්දියක් ඉල්ලයි

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පවුල අපකීර්තියට පත්කිරීමේ ද්වේශ සහගත චේතනාවෙන් මුළුමනින්ම අසත්‍ය පුවතක් ගොතා පළ කළේ යයි එ්ෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවියේ ප‍්‍රකාශන ආයතනයෙන්ද අදාළ අසත්‍ය ලිපිය ලියූ ලේඛක කේ.ටී. රාජසිංහම් ගෙන්ද ඇමෙරිකන් ඩොලර් දශ ලක්‍ෂ පනහක් බැගින් වන්දි ඉල්ලා දනූන තිලකරත්න මහතා තම නීතිඥ චරිත එන් ගල්හේන මහතා මගින් නොවැම්බර් 27 දාතමින් වෙන වෙනම එන්තරවාසි දෙකක් යවා තිබේ.

දනූන තිලකරත්න මහතා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශ‍්‍රාමික බි‍්‍රගේඩියර් තිලකරත්න මහතාගේ පුත‍්‍රයා වන අතර ඔහු විවාහ වී සිටින්නේ විශ‍්‍රාමික ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියක සමගය.

අහිංසක දෙමළ වැසියන්ට වෙඩි තැබූ සෑම උණ්ඩයකින්ම ජෙනරාල්ගේ පවුලට සන්තෝසම් ලැබිලා (එව්රි බුලට් ෆයර්ඞ් ඇට් ඉනසන්ට් ටැමිල් සිවිලියන්ස් ෆෙච්ඞ් කික්බෑක්ස් ටූ ජෙනරාල් ෆොන්සේකා ෆැමිලි) යන සිරස්තලයෙන් කේ.ටී. රාජසිංහම් නමැත්තකු ලියූ මෙම ලිපිය නොවැම්බර් මස 22 වන දින එ්ෂියන්ස් ටි‍්‍රබියුන් වෙබ් අඩවියේ පළව තිබූ බවත් එය තම සේවා දායකයාගේ සහ ඔහුගේ පවුලේ හොඳ නම සහ කීර්තිය කෙළෙසන අසත්‍ය සහ අපහාසාත්මක ප‍්‍රකාශ අඩංගු කරගත් එකක් බවත් පවසන එන්තර වාසි ලියවිලි දෙකෙහි මෙසේද සඳහන් වේ.

මගේ සේවාදායකයා සහ ඔහුගේ පවුල ශ‍්‍රී ලංකාවේ සහ ලෝකයේ සෙසු තන්හි වෘත්තිකයන්, සමාජ හා පොදු තලයන් අතර දරන හොඳ නමට සහ කීර්තියට හානි කිරීමේ සහ අපහාස කිරීමේ ද්වේශ සහගත අරමුණින් ලියා පළකළ මෙම ලිපියේ සඳහන් කරුණු අසත්‍යය.

මගේ සේවාදායකයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හා ටෙක්සාස් ප‍්‍රාන්තවල සහ ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි කළ ‘හිකෝ(ප්) නමැති සමාගමක් මගින් ශ‍්‍රී ලංකාවේ ති‍්‍රවිධ හමුදාවට සහ පොලිසියට විවිධාකාරයේ අවි ආයුධ සහ උපකරණ සැපයීමේ ටෙන්ඩර් ලබා ගෙන විශාල වශයෙන් මුදල් ඉපයූ බව ඇතුළු චෝදනා රාශියක් එම ලිපියේ අන්තර්ගතය. මෙම පදනම් විරහිත අසත්‍ය හා අපහාසාත්මක සියළු චෝදනා මගේ සේවාදායකයා එකහෙළාම ප‍්‍රතිත්‍ක්‍ෂ්ප කරයි. කවර අවස්ථාවකදීවත් ඔහු කිසිම ටෙන්ඩරයකට, ඇණවුමකට, කොන්ත‍්‍රාත්තුවකට හෝ ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට සපයා නැත. අදාළ ලිපියේ සඳහන් කවර හෝ විෂයක් සම්බන්ධයෙන් හෝ කිසිම ගනු දෙනුවකට කිසිම අවස්ථාවකදීවත් මැදිහත් වී නැත.

අදාළ ලිපියට අමුණා තිබුණු ලිපිලේඛන කිහිපයද මුළුමනින්ම අසත්‍ය හුදෙක් මගේ සේවාදායකයාට අපහාස කිරීමේ අරමුණින් ගොතන ලද එ්වාය. මෙම ද්වේශ සහගත අරමුණින් අසත්‍ය හා අපහාසාත්මක ලිපියක් පළ කිරීමෙන් තමාට සිදුවූ හානියට ඇමෙරිකන් ඩොලර් දශලක්‍ෂ 50 ක වන්දියක්ද මෙම ලිපිය පළකිරීම ගැන කොන්දේසි විරහිතව සමාව ඉල්ලන ප‍්‍රකාශයක් පළමු ලිපියට දුන් ප‍්‍රමුඛතාවයෙන්ම යුතුව වෙබ් අඩවියේ පළ කරන මෙන්ද එසේම එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවෘත්ති මාධ්‍යයෙහි වහාම ප‍්‍රසිද්ධ කරන මෙන්ද මෙම එන්තරවාසි දෙක මගින් එ්ෂියන් ටි‍්‍රබියුත් වෙබ් අඩවියටද ලිපිය ලියූ ලේඛකයාටද දැනුම් දී තිබේ.

දින 14 ක් තුළ මෙම ඉල්ලීම ඉටුකිරීමට නොකළහොත් මෙම වන්දි මුදල අයකර ගැනීම සඳහා නීති මගින් කටයුතු කරන බවද එම එන්තරවාසිවල සඳහන් වේ.

හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවේ: කිසිදිනෙක ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නෑ
හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ යළි හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවේ: කිසිදිනෙක ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නෑ -පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා

තමන් රාජකාරී හමුදා ඇඳුම ගලවා දේශපාලනයට ආවේ හමුදා රාජකාරිය කරන්නට නොවන බවත් රාජ්‍ය නායකයා වන්නට ජනතාව දෙන එම ජන වරම දෙන්නේ ආපසු හමුදාපතිගේ රාජකාරිය කරන්නට නොවන නිසා තමා ජනතාව ලබාදෙන ජනවරම හෑල්ලූවට ලක් කරන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු එසේ කීවේ අද රාත‍්‍රියේ කොළඹ පැවැති ජාතික නීතීඥ සංගමයේ නිලවරණයේ විශේෂ අමුත්තා ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවයට පැමිණි සිටි එක් දහස් පන්සියයක් පමණ වූ නීතිඥයයන්ගෙන් එක් අයෙක් ඔබ ජනාධිපති වුවහොත් හමුදා පාලකයෙකු සේ රට පාලනය කරන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා ඉහත ප‍්‍රකාශය කෙළේය.

ජාතික නීතීඥ සංගමයේ අද පැවැති මෙම නිලවරණයේදී සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය මහතාත් ලේකම් ලෙස ගුණරත්න වන්නිනායක මහතාත් තේරී පත් වූහ. මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී, පාර්ලිමේන්තුවේ හිටපු කෝප් කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්‍ෂ මහතා පැමිණ ජාතික නීතීඥ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම විශේෂත්වයක් විය.

රාත‍්‍රී 8.15 ට පමණ මෙම උත්සවයට සහභාගී වූ ෆොන්සේකා මහතා තමන් යුධ මානසිකත්වයෙන් ඉවත්ව සිවිල් සමාජයට පැමිණ මෙවන් කණ්ඩායමකට දේශපාලන මානසිකත්වයකින් කරන පළමු ඇමතීම නිසා මෙම දිනය කවදාවත් අමතක නොවන බවද පැවසීය.

යුද්ධය දිනූ නමුත්් කිහිප දෙනෙකු විසින් රටපුරා භීෂණයක් පවත්වාගෙන යන බවත් රටේ නීතියක් නැති තත්ත්වයකට පත් කර ඇති බව දැකීමෙන් පසු කලකිරීමක් ඇති වූ බවත්, රටේ බොහෝ දේශපාලන කණ්ඩායම් පැමිණ මෙම තත්ත්වයෙන් රට මුදා ගත යුතුබව කී අතර රටේ දූෂණ වංචා, අස්ථාවර භාවය, දේශය විනාශ කිරීම, මාධ්‍ය නිදහස සුරැුකීම, විධායක බලතල අහෝසි කිරීම ආදී කරුණු කාරනා රැසකට නායකත්වය දීමට තමන් පැමිණි බවත් ෆොන්සේකා මහතා කීය.

ජනතාව මෙම කාරණා සඳහා ජන වරමක් දුනහොත් හමුදාවේ සිටියදී තම රාජකාරිය නිවැරදිව ඉටු කළා සේ ජනතාව විසින් පවරන එම කාර්යයද ඩියුටියක් සේ සලකා අකුරට ඉටු කරන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඉදිරියේදී ජනතාවත් සමග එකතු වී රටට සේවය කිරීමෙන් තමන් සතුටක් ලබන බවද හිටපු හමුදාපති, ත‍්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී විපක්‍ෂයේ වත්මන් පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කීය.

ජායාරූප අනුග්‍රහය :- Daily Mirror

සරත් ද? මහින්ද ද? අප ද?
සරත් ද? මහින්ද ද? අප ද?

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, ජනාධිපති තරග බිමට ඇතුළු වනවාය යන ආරංචියත් සමග දේශපාලන පිටියේ මහත් වූ ආන්දෝලනයක් ඇති විය. මුලින් මුලින් ඔහු මෙම තරගයට ඇතුළු නොවනු ඇතැයි කියා කතා පැතිරිණ. නිලයෙන් ඉවත් නොවී, ඔහුට ඡුන්දයකට ඉදිරිපත් විය නොහැකි යැයි පසුව කියැවිණි. ඊටත් පසුව පැමිනි අදහස වූයේ, ජෙනරාල්වරයා ඉල්ලා අස්වීමට ක‍්‍රියා කළත් ජනාධිපති වරයා විසින් ඉල්ලා අස්වීම භාර නොගතහොත් ඔහුට ජනාධිපති ඡුන්දයට ඉදිරිපත් විය නොහැකි බවයි. ඒ අදහස් වලින් වූයේ ජනාධිපති වරයාගේ පෞරුෂය පලූදු වීමයි. ඒ නිසාම ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානිගේ ඉල්ලා අස්වීම භාරගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය.

පසුගිය සති කිහිපය තුළ ජනාධිපති වරණයත් සරත් ෆොන්සේකා නම් පුද්ගලයා ගැනත් ඇති වූ කතාබහ විකාර ස්වරූපයක් ගත්තේය. මහින්ද හා සරත් යන දෙදෙනාම එකිනෙකා පරයා නැගෙන යුධ වීරයන් වීමත්, ඒ දෙදෙනාම වටා දේශපේ‍්‍රමී ගුරුත්වය එම විකාර ස්වරූපය ඇති වීමට හේතුවිය. අර එක එක විකාර කතා කියන්නට පටන් ගත්තේ ජනාධිපති වරයා පරාජය වුවහොත් තම තමන්ගේ ඉරණමත් අනතුරේ වැටෙනු ඇතැයි කියා සිතුණු දේශපේ‍්‍රමීහුය. අවසානයේ හමුදාපති වරයා තරගයට ඉදිරිපත් වන බව තහවුරුවිය. ඒ සමග විකාර දොඩවමින් සිටි අය තම පැරණි යුධ වීරයාට අවමන් කරන්නට පටන් ගත්තේය. වීරයා ද්‍රෝහියා විය. ඔවුන් ට අනුව සරත් ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වැදීම වැරදිය. මංත‍්‍රී හාමුදුරුවරුන් කිහිප නමක්, ඡන්දයට ඉදිරිපත් නොවන්නැයි කියා සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටි බවට වාර්තා විය. ඉන් එක් පැවිද්දෙක්, තමන් මීට පෙර දේශපාලන තරග බිමට නොබසින්නැයි කියා, හිටපු හමුදාපතිවරයෙකු වූ ජානක පෙරේරා මහතාට අවවාද කළ බවත්, එය නෑසූ ඔහු ඊට ජීවිතයෙන් වන්දි ගෙවූ බවත්්, පවසමින්, සරත් ෆොන්සේකා මහතාටද දේශපාලන තරග බිමට ඇතුළු නොවන්නැයි කියා අනතුරු ඇගවූයේය. හිටපු හමුදා නිලධාරියෙකුට ගිහියෙකු වශයෙන් මැතිවරණ දේශපාලනය නුසුදුසු වන්නේත් පැවිද්දන්ට දේශපාලනය සුදුසු වන්නේත් කෙසේදැයි පැහැදිලි නැත. අහෝ අපකිච්ඡු ප‍්‍රතිපදාව බහුකිච්ඡු ප‍්‍රතිපදාවට හැරිච්ච හැටි. නීති විශාරදයන්, උගතුන්, බුද්ධිමතුන් හා පඩිවරුන් ද අර භික්ෂූන් මෙන් ම මේ ප්‍රෙහේලිකාවේ පැටලී ව්‍යාකූලව ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් හෙවත් නිරුවතින් ඉන්නා සෙයකි. මේ ලිපියේ පරමාර්ථය වන්නේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් පමණක් එම සංවාදයට යොමු කිරීමය.

ජනාධිපති තරගයකට ඉදිරිපත් වීමට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සලසා ඇති ප‍්‍රතිපාදන අනුව, සිවිල් පුරවැසියෙකු වී සිටින සරත් ෆොන්සේකා නම් පුරවැසියා එම තරගයට ඉදිරිපත් වීමේ වරද කුමක්ද? ඔහුගේ නුසුදුසුකම කුමක්ද? මේ පිළිබද වාමාංශික තර්ක ද රාජපක්ෂවාදී තර්කද සිවිල් සමාජවාදී තර්කද සංවර්ධනවාදී තර්කද අප ඉදිරියේ ඇත. අප මෙම තර්ක විමසා බැලිය යුත්තේ මේ තර්ක කරන්නන් එසේ කරන්නේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් ද නැද්ද සොයා බැලීමටය. රටේ අනාගතය වෙනුවෙන් වැදගත් වන්නේ ජයගත යුත්තේ කුමන පුද්ගලයාද යන්න නොව කුමන ප‍්‍රතිපත්තියද එය යථාර්ථවාදීද නැද්ද යන්නයි. ඉතිහාසය පුරා අප වරද්දාගත් තැන මෙතැනය. දැනට ඉදිරිපත්ව ඇති ඒ තර්ක හා ප‍්‍රවාද සියල්ලේම හරය මෙසේය.

(1) සරත් ෆොන්සේකා බලයට පත් වුවහොත් හමුදා ජුන්ටාවක් ගොඩනගනු ඇත.

(2) හමුදා නිලධාරියෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වන්නට නොහැකිය.

(3) හොදම හමුදා පාලකයාට වඩා නරකම දේශපාලන නායකයා හොදය.

(4) රටක් දියුණුකිරීමට නම් ඒකාධිපති පාලකයෙකු අවශ්‍යය.

(1) සරත් ෆොන්සේකා හමුදා ජුන්ටාවක් ගොඩ නගනු ඇත යන අදහස උපකල්පනයකි. මේ උපකල්පනයේ පදනම ඔහු හමුදාවේ නායකයෙකු ලෙස සේවය කළ නිසාය.

ජුන්ටාවක් යනු හමුදා කුමන්ත‍්‍රණ මගින් බලයට පත්ව, සුළු කණ්ඩායමක් හෝ කල්ලියක් විසින් එම කල්ලියේ උන්නතිය වෙනුවෙන් පවත්වාගෙන යන පාලනයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හෝ මිනිස් නිදහසට එහි තැනක් නැත. මහජනතාව සමග සම්මුතිය වෙනුවට රට පාලනය සදහා මූලික වශයෙන් මර්දනය යොදා ගනු ලැබේ. නමුත් එබදු ආණ්ඩුද බොහෝවිට තමන් හදුන්වා ගනු ලබන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ සමාජවාදී ආණ්ඩු හැටියටය. තමන් දැඩි මර්දනකාරී පාලනයක් ගෙනයන්නේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් රටත් ජාතියත් ආගමත් රැකගැනීම වෙනුවෙන්ම යැයි කියති. රටේ බහුතර ජනතාව ගේ හැගීම අනුව පාලන මතවාදයේ තේමාව සකස් කරගනිති. බුරුමය හෙවත් මියන්මාරය, ඉරාණය, ලිබියාව, ඉන්දුනීසියාව, සුඩානය හා සෝමාලියාව ඊට නිදර්ශණය. නමුත් මහජන වරමින් බලයට පත්වන ආණ්ඩුවකටද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටු පා ජුන්ටාවක තත්ත්වයට පරිවර්තනය වන්නට පුළුවන. ජුන්ටාවක් මෙන්ම එක් අතෙකින් සමාජය රවටා ගැනීමේ මානසික උප්පරවැට්ටි යොදාගනිමින් එහෙත් නියම අර්ථයෙන් කුඩා පාලක කල්ලියක වුවමනාවන් වෙනුවෙන් ක‍්‍රියා කරන්නට පුළුවන. පාකිස්ථානය, පිලිපීනය, පීජි උදාහරණ ලෙස ගත හැකිය. මේ ආකාරයේ විවිධ ආණ්ඩු ආසියාවේත් අප‍්‍රිකාවේ හා ලතින් ඇමරිකා රටවලත් සුලබය. ඉන් සමහර ඒවා දේශපේ‍්‍රමී ආණ්ඩුය. තවත් ඒවා ධනවාදී හෝ විප්ලවවාදීය නැතහොත් සමාජවාදීය. මහජන මතයටත්, නීතියටත් ගරු නොකොට, හිතුවක්කාර පාලනයක් ගෙනයාම ඒවායේ පොදු ස්වභාවයයි. එබදු කුමන පාලනයක් යටතේ වුවත් පාර්ලිමේන්තුව හා අධිකරණය වැදගැම්මකට නැති ආයතන බවට පත්වෙයි. තමන් කැමැති දේශපාලනයක් කිරීමේ නිදහස මෙන් ම, පොදු මිනිස් අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් ද තමන් විදිමින් සිටින ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් ද අහිමි වෙයි. එහි වැදගත්ම ලක්ෂණය ඒ මර්දන කාරී ප‍්‍රජා පීඩක රාජ්‍ය ආකෘතිය ය.

මේ අතර පළමුව හමුදා කුමන්ත‍්‍රණ මගින් හෝ මහජන ඡන්දයෙන්ම බලයට පැමින දැඩි ඒකාධිපති ආකෘතියක් අනුව, එහෙත් සමස්ථ රටේ උන්නතිය වෙනුවෙන් ක‍්‍රියා කොට පසුව ඊට මහජන කැමැත්ත ලබමින් මහජනතාව නියෝජනය කරන පාලන තන්ත‍්‍රද ගොඩ නගා ගත හැකිය. සිංගප්පූරුව, මලයාසියාව, දකුණු කොරියාව, තායිවානය ඊට උදාහරණය. සංවර්ධනයේ වැදගත් ආකෘති ලෙස ඇතැම්හු නිතර ආදර්ශයට ගන්නා මෙම රටවල්, එසේ දියුණු වූයේ දැඩි ඒකාධිපති පාලනය නිසා යැයි කියා වැරැදි වැටහීමක සිටිති.

තතු මෙසේ නම් දැනට අප ඉන්නේ කුමන අන්දමේ පාලනයක් යටතේද?

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ මහජන ඡුන්දයෙනි. එහෙත් එම ජනතා බලය ස්ථාවර කරගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ග වෙනුවට ඉ`දුරාම ඊට පටහැනි උප්පරවැට්ටි යොදාගන්නට විය. විරුද්ධ පක්ෂවල මංතී‍්‍රවරුන් උපායෙන් තම ආණ්ඩුවට යා කර ගැනීම ඉන් එකකි. රාජ්‍ය තන්ත‍්‍රයේ සියළු වැදගත් මෙහෙයුම් කපාට වලට තම ඥාතීන් හෝ හිතවතුන් පත්කර ගැනීම තවත් එකකි. මර්දනයෙන් හෝ වරප‍්‍රසාද ම`ගින් මාධ්‍ය හසුරුවාගැනීම ද ඒ වර්ගයේම පියවරකි. සිවිල් සමාජයේ නිදහස පාලනය කිරීම ස`දහා එක්කෝ කැපී පෙනෙන සිවිල් පුරවැසියන් වරදාන ම`ගින් යාකර ගැනිණ. නැත්නම පරිපාලනමය උගුල්වලට හසු කර ගැනිණ. ඒත් නැත්නම් ඒ ස`දහා භීෂණය යොදා ගැනිණ. ඉතා කෙටි කලකින් ආණ්ඩුව කුඩා ගණගෝත‍්‍ර කල්ලියක් බවට පරිණාමය විය. මහජන ආකර්ශණය තමන්වෙත ර`දවා ගැනීමට යොදා ගැනුණේ දේශපේ‍්‍රමය ලෙස වෙස් ගත් වර්ග බේදය පමනි. ඒ අනුව මෙය කුමන වර්ගයේ ආණ්ඩුවක්ද?

වර්තමාන පාලන තන්ත‍්‍රය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද, අධිකරණය ද නොතකා ක‍්‍රියා කරයි. දූෂිත හෙජින් ගනු දෙනු වල ට එරෙහිව අධිකරණය දුන් නියෝගයට ජනාධිපතිවරයා පිටුපෑම ඉමහත් ප‍්‍රසිද්ධියට පත් වූ එක් සිද්ධියකි, දහස් ගණනක් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම. කප්පම් ගැනීම සිදු වූයේත් වන්නේත් මේ පාලනය යටතේය. අපරාධවලට සැක පිට පොලිස් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් පලා යාමට හෝ පහර දීමට තැත් කළාය යන රෙඩිමේඞ් චෝදනාව මත අධිකරණ කටයුත්තකින් තොරව ඝාතනය කෙරෙති. ජනාධිපති වරයා විසින් තමන් කළ මහ`ගු ජනතා සේවයක් ලෙස මහත් උජාරුවෙන් මෙය හ`දුන්වන්නේ පාතාලය මර්දනය කිරීම යනුවෙනි. මෙම නිල සංස්කෘතියට අනුගත වූ පොලීසිය සිය වෘත්තීය වගකීම වන මහජන ආරක්ෂාව අත් හැර ඇති සැටියකි. හිතූ මනාපේ හැටියට සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබෙන්නේ ඒ නිසාවෙනි. අ`ගුලානේ හා බම්බලපිටියේ මිනිස් ඝාතන එවැනි එහෙත් ප‍්‍රසිද්ධියට පත් ඝාතන පමණි. මේ අතර මාධ්‍ය කරුවන් පමණක් නොව, මහජන ඡුංන්දයෙන් පත් වූ පාර්ලිමේන්තු මංත‍්‍රීවරුන් ද, ප‍්‍රසිද්ධියේම මහ ම`ග ඝාතනය කිරීම. නැත්නම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම. ප‍්‍රසිද්ධියේම මාධ්‍ය ආයතනවලට පැන ගෙස්ටපෝ ක‍්‍රමයට පහර දීම හා ඒ ආයතන ගිනි තබා-වෙඩි තබා විනාශකිරීම. රජයේ මාධ්‍ය ආයතන වලටම පවා පැන, ඒවායේ තමන්ට වලංගුනැති මාධ්‍ය සේවකයන් මට්ටු කිරීම, නීතිය නොතකන බවට උදාහරණය.

මේ අතර, මේ රටේ ජනයා කලක සිට දිනා සිටින අයිතියක් වන පෙළපාලි යාම, වැඩවර්ජනය කිරීම, නිරායුධව විරෝධය පළ කිරීම ආදී අයිතීන්ට කුමක් සිදු වී ඇත්ද?. පුදුමයකි. කලකට පෙර කම්කරු ඇමැතිවරයා හැටියට, කම්කරු ප‍්‍රඥප්තියක් සකස් කොට, තමන්ට බලයක් නැති නිසා, එය ක‍්‍රියාත්මක කරන්නට බැරි යැයි කියා, කීවේ මේ නායකයාය. දැන් මේ සියළු බලය අත ඇතිව එය නොකරන්නේත් ඒ පුද්ගලයාමය. ඒ වෙනුවට ඔහු කම්කරු අයිතිවාසිකම් මර්දනය කිරීම වෙත සිය කාරුණික අවධානය යොමු කොට ඇත.

ඉතින් මිලිටරි ජුන්ටාවකින් ලැබෙන්නේ් මීට වෙනස් දශාවක් ද? ඉන්දුනීසියාවේ, මියන්මාරයේ පාකිස්ථානයේ සමාජ විදවන දුක්බර තත්ත්වය මීට වෙනස් ද? සත්‍යයනම්, පෙනුම කුමක් වුවත් හරයෙන් අප දැනටමත් සිටින්නේ මිලිටරි ජුන්ටාවක් හා සමාන තන්ත‍්‍රයක් යටතේය. එය සම්ප‍්‍රදායික ජුන්ටාවකට වඩා නපුරුය. මන්ද? එය ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයක වෙස් ගෙන සිටීම නිසයි. මහජනතාව ඊට රැුවටී සිටීම නිසයි. ඇත්තටම එය බැටළු සම පොරවාගත් වෘකයෙකිි.

මේ නිසා වැදගත්ම කාරණය වන්නේ, කුමන පාලන තන්ත‍්‍රයක වුවත් රූපය නොව එහි ව්‍යුහය තේරුම් ගැනීමයි. සංයුක්තව කියනවානම් සැබෑ අභියෝගය වන්නේ මේ තිරශ්චීන පාලනතන්ත‍්‍රයේ කුරිරු අවයව තේරුම් ගැනීමයි. ඒ නපුරු විෂ දල නායකයාගේ ව්‍යාජ සැදැහැවත් මුහුනෙන් වසන් වී තිබේ. මෙය මෙම නායකයාට පමනක් උරුම වූ නපුරක් ද නොවේ. මෙය වූ කලී රාජ්‍ය පාලන ව්‍යුහයේ ද උරුමයකි. අවසානයේ ඒ රාජ්‍ය ව්‍යුහය වූ කලී අප ඇසුරු කරන සමාජයේම කොටසකි. ඔහු යොදා ගන්නේ අපට එරෙහිව අපමය. මෙම පාලනයට මහ ජනයා පක්ෂපාතී බව අපට පෙනෙන්නේ ඒනිසාය. සතුරා අපතුළම වසන නිසාය. බරපතල ප‍්‍රශ්ණයත්, විස`දා ගතයුතු ප‍්‍රශ්ණයත්, බැලූ බැල්මට නොපෙනෙන ව්‍යසනයත් එයය. සමාජය යහපත් කිරීමට සද් චේතනාව ඇති බුද්ධිමතෙකුගේ කාර්යය වන්නේ එම යථාර්ථය හෙලිදරව් කිරීමයි. එම`ගින් තමන් ද තම සමාජයද විපතින් ගලවා ගැනීම කළහැකි වන්නේ ඉන් පසුවයි.

සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද වැදගත් වන්නේ එයමය. ඔහු හමුදා නායකයෙකු සිටීම නොව ඔහු අත ඇති වැඩ පිළිවෙල කුමක්ද, යන්නයි. එය යථාර්ථවාදී ද? එය සාධාරණ වූවක් ද? සාධාරණ වුවත් එය ක‍්‍රියාත්මක කිරීමට බාධා ඇත් ද? එවැනි බාධා වෙතොත් ඒ බාධා ඉවත් කර ගැනීමට උපායන් තිබේද? මේ සියල්ල කුමන සංදර්භයක් තුළ සිදුවන්නේද? ආදී දේ වැදගත්ය. එහෙත් මෙම සාකච්ඡාවල ඒ ගැන කතා කරනු පෙනෙන්නට නැත. නීති තර්කත් ලෝක කුමන්ත‍්‍රණ ගැන පල් බොරුත් හැර වැදගත් දෙයක් එහි නැත. මේවායින් වන්නේ නියම සාකච්ඡාව හා සංවාදය පීලිපැනීමය.

(2) ඊළගට සොයා බැලිය යුත්තේ හමුදා නායකයෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අකැපද යන්නයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආදර්ශය උපුටා ගන්නේ ප‍්‍රංශයෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටවූ බලවේලයේ නායකයා වූයේ සරත් ෆොන්සේකා වැනි එසේ මෙසේ අයෙක් නොව, ලොව රුදුරුම හමුදා නායකයෙකු වූ නැපෝලියන් බොනපාට් ය. ඉන් පසු ඩිගෝල් ය. එංගලන්තයේදී එය කළේ අති බිහිසුණු ක්‍රොම්වෙල් සෙනෙවියාය. ඉතින් හමුදා සේවයේ සිටීමම නුසුදුසු කමක් වන්නේ කෙසේද ? අනෙක් අතට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුලූමනින්ම කාබාසිනියා කළ හිට්ලර් බලයට පත් වූයේ මහජන ඡන්දයෙන් ය. යන්තමින් නොව මහා ජන සන්නිපාතයකින්ය. ඇතැම් වමේ පක්ෂ බර්ලින් නගරයේ තාප්පවල හිට්ලර් සහෝදරයාට ඡන්දය දෙන්න කියා පොස්ටර් ඇලවූහ. රුසියාවේදී ජෝසෆ් ස්ටාලින් ද, වීනයේ දී මා  ඕ සේතුං ද, කියුබාවේදී ෆිඩෙල් කස්ත්‍රෝද පාට රතු වුවත් මිලිටරි නායකයන් බව අමතක නොකළ යුතුය. ඔවුන් තම මිලිටරි කබාය කිසි දිනෙකත් ගැලවූයේ නැත. ඒ ඒ රටවල ජනසමාජ විදි අපමන දුක් කම්කටොලූ, ඔවුන් ගොදුරු වී සිටි පාලන ව්‍යුහයන්ගෙන් වෙන් කළ නොහැකිය. ඒවා පුද්ගල ප‍්‍රශ්ණම නොවේ. ඒ නිසා මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ රාජපක්ෂවාදී ක‍්‍රමය ත් ෆොන්සේකාවාදී ක‍්‍රමය ත් (එවන් ක‍්‍රමයක් ඇත්දැයි මම නොදනිමි.) යන දෙකම එකක් මද නැත්නම් වෙනස් ද යන්නයි. ඒ මිස රැවුලයි කොන්ඩයයි කලූපාටයි කියා හෝ ආ නේ, නියම කද කියා හෝ පංචස්කන්ධයට වැද වැටීම පලක් නැත.

(3) දූෂණය සම්බන්ධව කෙරෙන විවේචනයද පුදුමාකාරය. මේ දැන් සිටින්නේ කෙබ`දු ආකාරයක දූෂිත පාලනයක් යටතේ ද යන්න විවේචකයන්ගේ අවධානයට ලක්ව නැත. අනාගතයේ ඇතිවිය හැකියැයි සිතන දූෂිත ආණුඩුවක් නොව මේ දැන් මෙතැන තිබෙන දූෂිත පාලන තන්ත‍්‍රය රැුකගන්නේ මන්ද? කියා සිතිය යුතුය. රාජ්‍ය මූල්‍ය දූෂණය පමනක් වුවද සැලකිල්ලට ගන්නේනම්, බලයට එන්න පෙර, මේ පාලකයන් හා ඔවුන්ගේ මිතුරු කණ්ඩායම මොනතරම් අගහිගකම් වලින් පීඩිතව සිටියත්, දැන් මහා ප‍්‍රකෝටිපතියන් වූයේ කෙසේද යන්න අවධානයට ගත යුතුය. කෙනෙකු පොහොසත්වීම කෙරෙහි වමේ සම්ප‍්‍රදාය තුළින් උපන් වෛරය ඊර්ෂ්‍යාව කුළුගැන්වීමේ දේශපාලන පුරුද්දක් ලංකාවේ තිබේ. අප මෙවන් ප‍්‍රශ්ණවලදී කල්පනා කළ යුත්තේ එම දේශපාලන අගතියෙන් තොරවය. දේශපාලනඥයන් වූ පලියට තමන්ගේ ව්‍යාපාරයක් මගින් ධනවත් වීමේ වරදක් නැත. එය සම්මා කම්මන්ත ලෙස බුදු දහමේ පෙන්වා දෙති. වරද ඇත්තේ මහජන ධනය සොරකම් කිරීමයි. වත්මන් පාලනය වූකලී රාජ්‍ය දේපොල සොරකම් කරනවා පමණක් නොව කෑදර ලෙස නිදහස් පුරවැසියන්ගේ ව්‍යාපාර හා ධනය ද කොල්ලකෑමයි. මුගාබේ පවුල මෙන් ම මේ අයද ඒ සදහා ආයෝජනය කරන්නේ දේශපේ‍්‍රමය ලෙස වෙස් ගත් වර්ගවාදයයි. එය ජාතික අපරාධයකි. එවිට රට පිරිහෙයි. ධනය සමාජයේ පහලට ගලා යාම නවතියි. දුප්පත්කම වැඩිවෙයි. ව්‍යවසාය වර්ධනය ආර්ථික වෘද්ධිය ඇන හිටියි. රටේම ධනය හා ව්‍යවසායයන් එකම පවුලක් හා මිතුරු කැලක් වෙත රැුස්වීම එහි ඇති වරදයි. එය නිදහස් ආර්ථික ක‍්‍රමයක් නොවේ. එහි නියම නම චෞරතන්ත‍්‍රය නම් වේ. පාලකයන් ඍජුව හෝ වක‍්‍රව එවැනි පාලනයක් පවත්වාගෙන යාම, තම වැසියන් මරා කෑ රජෙකු ගැන කියැවෙන, චුල්ල සුතසෝම ජාතකය සිහියට ගෙන එයි.

අනෙක් අතට මේ මිනිසුන් හදිසියේ ම ධනවත් වීම ප‍්‍රශ්ණයක් වන්නේ ඒ ධනය ලැබුණු ආකාරය පැහැදිලි නැති නිසාය. කෝටි ප‍්‍රකෝටි ගණන් ධනය, තම ව්‍යාපාරයකින් ලැබුවේ නම් ඒ ව්‍යාපාරවල ඉතිහාසය කුමක්ද? එතෙක් කල් ඒවාට බදු ගෙවා ඇත්ද? බදු නොගෙවා ඇත්නම් එය අපරාධයක් නොවන්නේද? මේ අතර පාර්ලිමේන්තුවට නොදන්වා හෝ සිය පාර්ලිමේන්තු කණ්ඩායම බලල් අතක් සේ යොදා ගනිමින් මූල්‍ය විෂමාචාරයන්්හි යෙදීමද මෙහි තවත් ලක්ෂණයකි. මෙම ලැයිස්තුව දිගු කළ හැකිය. නමුත් සැබෑ තත්ත්වය තේරුම් ගන්නට මෙය ප‍්‍රමාණවත්ය.

දූෂණය සම්බන්ධව වැදගත් කාරණය වන්නේ දූෂණයේ යාන්ත‍්‍රණය තේරුම් ගැනීමයි. පොදු ජනයාගේ ධනය ඔවුන්ගේ ඇස්වලට වසන් කොට දූෂණය කරන්නේ කෙසේද? දූෂිත යැයි කියා එන්ජී ඕ වලට චෝදනා කරද්දීම දේව හාස්කම් ඇතැයි කියන පූජනීය සිද්ධස්ථානවලට ද දූෂණයෙන් මිදෙන්නට නොහැකි වී ඇත්තේ මන්ද යන්න සොයා බැලිය යුතු නොවේද? ( බුදුන්ගේ පාද පහස ලද ශ‍්‍රී පාද අඩවියේද රත්නපුරයේ සමන් දේවාලයේද අයිතිය හිමි, රත්නපුරයේ නැදුන් විහාරය 1981 දී සිය වාර්ෂික ආදායම ලෙස මහා භාරකාර කාර්යාලයට වාර්තා කොට ඇත්තේ රු 30,000 කි.) ඒ නිසා මෙම ප‍්‍රශ්ණයට පිළිතුරක් සොයා ගත යුතුය. විනිවිද භාවය, යහ පාලනය යන වචන යථාර්ථයක් කරගත හැකි යාන්ත‍්‍රණයක් අවශ්‍යවන්නේ ඒ නිසාය. නමුත් 17 වන ආණඩුක‍්‍රම සංශෝ්්ධනය යටතේ කොමිෂන් සභා පත්කිරීමට අසමත් වීමෙන් මේ ආණ්ඩුව පෙන්වා ඇත්තේ දූෂණයෙන් මිදීමට තමන් තුළ ඇති අකැමැත්ත නොවේද?

මහින්ද රාජපක්ෂ කුමක් කරනු ඇත්ද යන්න ඔහු සිය භාවිතාවෙන් පෙන්වා ඇත. දූෂණය හා ඥාති සංග‍්‍රහය ගැන ඔහු වාර්තාවක් තබා ඇත. අලූත් ජනවරමක් ඉල්ලන්නේ තවත් යුද්ධයක් කිරීමට නොවේනම් අනෙක් අරමුන වන දූෂණය හා ඥාති සංග‍්‍රහය සරු කිරීමටය. තමන්ගේ ධනය සොරුන් විසින් පැහැර ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම ජනතාවගේ තීරණයකි. හො`දම හමුදා පාලකයා ට වඩා නරකම දූෂිත නායකයා යනු ගයන්නට හොද වැකියක් මිස භාවිතාවට නගන්නට හොද තීරණයක් නොවේ. සරත් ෆොන්සේකා අනාගතයේ කුමක් කරනු ඇත්දැයි කියා හදහන් බැලීමට වඩා කළ යුත්තේ ඔහු අත ඇති සංවර්ධන මාර්ග සිතියම පරීක්ෂා කිරීමය.

අවසාන වශයෙන් කිව යුත්තේ සිංගප්පූරු රාජ්‍ය, මලයාසියාව, උතුරු කොරියාව, දියුණු රාජ්‍යයන් බවට පත් වූයේ ඒකාධිපති පාලන තන්ත‍්‍ර නිසා නොවේ. එම රාජ්‍යයන් තමන්ගේ එටවල් දියුණු කිරීම සදහා විධිමත් නිර්මාණාත්මක සැලැසුම් ක‍්‍රියාත්මක කළ නිසාය. මියන්මාරය වැනි කාලකන්ණි ඒකාධිපති රාජ්‍යයන් දුසිම් ගණනක් ලොව පුරා ඇති බවත්, ඒවා පිරිහුණේ ඒකාධිපති පාලන තන්ත‍්‍ර නිසාම බවත් කිව යුතුය. ඒ නිසා ලංකාවට මහින්ද චින්තනය අවශ්‍යය නැත. වෙනත් ඒකාධිපති පාලනයක් ද අවශ්‍ය්‍ය නැත.

-ප‍්‍රගීත් එක්නැලිගොඩ-

දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලට ජනපති මුල්ගල තබයි
දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලට ජනපති මුල්ගල තබයි

හම්බන්තොට මත්තල ඉදිකරන්නට යන දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලට මුල්ගල තැබීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (27) සිදුකෙරිණි. ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමකින් ඉදිවන නව ගුවන් තොටුපල පළමු අදියර 2011 වසරේ නිමකිරීමට නියමිතය. චීන මහජන රජයේ ණය සහනාධාර යටතේ සිදුවන මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන නව ගුවන් තොටුපල භූමි පරාසය හෙක්ටයාර 2000 කි. පළමු අදියරේදී හෙක්ටයාර 800 ක ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කොට තිබේ.

සමරුඵලකය විවෘත කරමින් ජනාධිපතිවරයා ගුවන් තොටුපල ඉදිකිරීමේ අවස්ථා සනිටුහන් කරනු එක් ඡායාරූපයකින්ද, ගිවිසුම අදාල ලිපිලේඛන හුවමාරු කරගැනීම හා ගුවන් තොටුපල ඉදිවන භූමියේ දර්ශනයක්ද ඡායාරූපවලින් දැක්වේ.

වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්‍ෂ, ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර, ජලසම්පාදන ඇමැති මහින්ද අමරවීර, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ගුවන් තොටුපල හා ගුවල් සේවා සමාගමේ සභාපති ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි නිරූපමා රාජපක්‍ෂ සහ ශ‍්‍රි ලංකාවේ චීන තානාපතිනි යෑන්ග් ෂියුපින්ග් මහත්ම මහත්මීහුද ඡායාරූපවල වෙති.

මම කවමදාවත් පැරදිලා නැහැ – ජෙනරාල්
මම කවමදාවත් පැරදිලා නැහැ – ජෙනරාල්

තමන් ජීවිතය තුළ කිසිදු දිනෙක පැරදී නැති බවත්, තමන්ගේ තේමා පාඨය වන්නේ “Can Do” යන්න බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී පැවැති සහතිකලත් වෘත්තීය කළමනාකාරවරුන්ගේ  ආයතනයේ පළමු වාර්ෂික සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමිනි. මෙහිදී වැඩිචුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

රටේ රාජ්‍ය නායකයා වගේම ජනතාවත් විශ්වාසය තබන්නේ රටේ ආරක්ෂක හමුදාව කෙරෙහි. හමුදාව ඒ විශ්වාසය බිඳ දැම්මොත් ජනතාව වගේම රාජ්‍ය නායකයාත් අධෛර්යයට පත් වෙනවා. ඒ නිසා පසුගිය කාලයේදී පැවැති යුද්ධය හොඳ පැඩමක් සාමූහික ප්‍රයත්නය කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගන්න. ඒ නිසා මේකේ කාටවත් තනියම ලකුණූ දාගන්න බැහැ. අනිවාර්යයෙන්ම ඒක බෙදී යා යුතුයි.

හමුදා නායකත්වය සහ දේශපාලන නායකත්ය අතර වෙනස මොකද්ද කියල අහල තියෙනවා. යුද්ධෙදි කතා නැහැ. වැඩ විතරයි. දේශපාලනයේදී ඕනෙ තරම් වැඩ නොකර කතා විතරක් කරන්න පුළුවන්. තව අවුරුදු දෙකකදි විතර මම මේ ගැන හරියටම කියන්නම්.

හමුදා කඳවුරක් ප්‍රහාරයට ලක්වෙමින් පැවැති සෑම අවස්ථාවකදීම හැමෝම කිව්වෙ සරත් ෆොන්සේකා යවන්න කියලයි. ඒත් යුදමය ජයග්‍රහණ සමරද්දි මාව මතක් කළේවත් නැහැ. ඒ වගේ අසීරුතා තිබුණා. මගේ රාජකාරියේ අවසාන දවස් කිහිපය දක්වාම මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. හමුදාවේ මේකට හෙඳ කියමනක් තියෙනවා. හරියට කිඹුලා උදැල්ල වගේ කියල. ඒක කපන්න කපන්න මුවහත් වෙනවා. ඔබට ඒ වගේ මානසිකත්වයක් තිබිය යුතුමයි. ඔබ ප්‍රහාරවලට ලක් වෙන්න වෙන්න, කැපිලි කෙටිපිවලට භාජනය වෙන්න වෙන්න ශක්තිමත් ලෙස වැඩ කරන්න ඉගෙන ගන්න ඕනෙ. ඒක හොඳ පාඩමක්.

මෙම දේශනයෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා “මගේ ස්ථාවරය තව දින දෙක තුනකින් කියන්නම්. ජනාධිපතිවරණය ගැන අවධානයෙන් හිටපු දේශපාලන පක්ෂ ඔවුන්ගේ ස්ථාවරය අද හෙට කියයි. ඊට පස්සෙ මගේ ස්ථාවරය කියන්නම්.

මාධ්‍යවේදියෙකු – ඔබ ජනාධිපතිවරණයට තරඟ කළොත් දිනන්න පුළුවන් කියල හිතනවද?

ජෙනරාල් – මම ජීවිතේ කවදාකවත් පැරදිලා නැහැ.

මාධ්‍යවේදියෙකු – ඔබ ජනාධිපතිවරණයට තරඟ කරනවද?

ජෙනරාල් – මේ වන තෙක් මගේ ඉදිරි සැලසුම් පිළිබඳ ප්‍රකාශයක් කරල නැහැ. තව දින දෙක තුනක් ඉවසන්න.

මාධ්‍යවේදියා – ජනතාව බොහෝ දේ අපේක්ෂාවෙන් ඉන්නව?

ජෙනරාල් – ජනතාව අපේක්ෂා කරනවානම් යම් දෙයක් ඒ ගොල්ලන්ට ඒකෙන් හොඳක් වෙනව නම් ඒ දේට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා.

ජනාධිපතිවරණ ගැසට් නිවේදනය මුද්‍රණයේ
ජනාධිපතිවරණ ගැසට් නිවේදනය මුද්‍රණයේ

අද මධ්‍යම රාත්‍රි‍යේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණයට අදාල ගැසට් නිවේදනය මේ වන විටත් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවතින බව රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග පවසයි. මේ අනුව මේ වන විට ගැසට් නිවේදනය මුද්‍රණය වන අතර, අද මධ්‍යම රාත්‍රී වන විට මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මේ අනුව මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව තහවුරු වී ඇතැයි මුද්‍රණාල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කැලණියේ දේශපාලන මැරයෝ ජවිපෙ රැස්වීමකට දෙවරක්ම පහරදෙති
කැලණියේ දේශපාලන මැරයෝ ජවිපෙ රැස්වීමකට දෙවරක්ම පහරදෙති

කිරිබත්ගොඩ  ඊයේ (22) සවස පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක රැස්වීමකට ප‍්‍රදේශයේ ඇමැතිවරයකුගේ සහාය ලබන මුහුණ බැඳගත් මැරයෝ පිරිසක් පහරදීම නිසා ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

මෙම පහරදීම නිසා අඩාල වූ රැස්වීම නැවත පැවැත්වීමට ජවිපෙ කටයුතු කළ අතර එහිදී රැස්වීම පැවැත්වෙන අතරතුර යලි එහි කඩා වැදුණු මුහුණු බැඳගත් මැරයන් පිරිස ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් රැස්වීම කඩාකප්පල් වී තිබේ.

එහිදී මෙම මැරයින් පාලනය කිරීමට පොලීසිය කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගත්තේ යයි එම අවස්ථාවේ එහි සිටි ජවිපෙ සාමාජිකයකු අප හා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේදී ජනාධිපතිවරණය පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කරන්නට සූදානම් ව සිටින අවස්ථාවක දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහනයේ සිටින ප‍්‍රමුඛ දේශපාලන පක්‍ෂයක් වන ජවිපෙට මෙසේ ප‍්‍රහාර එල්ල වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ලවෙමින් පවතින බරපතල ප‍්‍රහාරයක් බව දේශපලන පක්‍ෂ පෙන්වා දෙයි.